4.6 C
New York

මෝදි සහ අනුර, අනුරාධපුරයේ දී එකම වාහනයට නගී

Published:

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ගනිමින් සිටිති.

අනුරාධපුරයට පැමිණි ඉන්දීය අගමැතිවරයා උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු  මහකොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර පැවැත්විණි.

ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝදිය වැඳ පුදා ගැනීමට එක්ව ඇති අතර එහිදී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ද බැහැ දැක සාකච්ඡා කර තිබිණි. එම අවස්ථාවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට පැමිණ තිබිණි.

අනතුරුව ජනාධිපතිවරයාත් ඉන්දීය අගමැතිවරයාත් එකම රථයකින් අනුරාධපුර නගරයට පැමිණ තිබේ. එලෙස එකම රථයක දෙදෙනා ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඉන්දීය අගමැතිවරයා සිය X ගිනුමේ ද පළකර තිබිණි.

“මා මිත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සමඟ අනුරාධපුරයේ දී” යනුවෙන් එහි සටන් කර තිබේ.

Related articles

Recent articles

spot_img