3.8 C
New York

අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතු, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි

Published:

මෙරට අධිවේගී මාර්ගවල සෑම කිලෝ මීටර 50කට වතාවක් හෝ රියදුරන්ට විවේක ගැනීමට ස්ථාන සැකසිය යුතුයැයි විශේෂඥ ප්‍රජා වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වා දී ඇත.

ඔහු මේ බව අවධාරණය කරන්නේ අධිවේගී මාර්ගයේ අනතුරු අවම කරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට අදාළ යෝජනා ඉදිරිපත් කරමිනි.

කටුනායක සිට මත්තල දක්වා කිලෝ මීටර 254ක දුරින් යුත් අධිවේගී මාර්ගයේ ඇත්ත් එකම සැපයුම් මධ්‍යස්ථානයක් වීම එහි ඇති ප්‍රධාන දුර්වලතාවක් බව එම කමිටුව වාර්තා කර ඇත. රියදුරන් අධික වෙහෙසට පත්වුවහොත් විවේක ගැනීම සඳහා ගැටලු මතුවන බව ද ‍විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනවල ගැටලු පමණක් නොව පුද්ගල ගැටලු මෙන් ම රියදුරන්ගේ ගැටලු ද ඇතිවීම රිය අනතුරුවලට බලපා ඇතැයි හඳුනාගෙන තිබේ.

අධික වෙහෙස, නිදිමත, මාර්ගයේ වරින්වර පවති මීදුම් තත්වය සහ තවත් කරුණු රැසක් මෙම අනතුරු සඳහා බලපාන බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

ඔහු පවසන්නේ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 50කට හෝ එක් නවාතැන්පොළක් ස්ථාපනය කර තිබීම වඩාත් වැදගත් බවයි.

දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් යතුරුපැදි හෝ මාර්ග නඩත්තු වාහන නතර කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර ඒවායේ මගී ප්‍රවාහන බස් රථ හෝ පෞද්ගලික වාහන නැවැත්වීමේ හැකියාවක් නොමැත.

Related articles

Recent articles

spot_img