ජනාධිපති යුන් සුක් යෝල් ධූරයෙන් නෙරපා හැරිය යුතුයැයි එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීරණය කර තිබේ.
ඒ අනුව ඉදිරි දින 60 ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර එතෙක් වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ එතෙක් ජනාධිපතිධූරයේ වැඩ බලනු ඇත.
ජනාධිපති යුන් සුක් යෝල් පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනි දා දකුණු කොරියාවට යුද නීතිය පැනවීමට නියෝග කළේය. ඒ සමඟ රටේ දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වී තිබිණි. පසුව පර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ජනාධිපති ධූරයේ කටයුතු කරීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.
එම දෝෂාභියෝගයෙන් අනතුරුව ඔහුට එරෙහිව නඩුවක් එරට ව්‍යළුස්ථා අධිකරණයට ද ඉදිරිපත් කෙරිණි. එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළ අට දෙනකුගෙන් යුතු විනිසුරු මඩුල්ල යුන් සුක් යෝල් ජනාධිපතිවරණයෙන් නෙරපිය යුතු බවට තීන්දු කර තිබේ.
විනිසුරුවන් 08 දෙනාගේ ම ඒකමතික මතය වී ඇත්තේ හදිසි යුද නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එමගින්රට දරුණු ජාතික ආපාදකට ලක්ව ඇතැයි ද ජනාධිපතිවරයා කටයුතු කර ඇති ආකාරය සාධාරණ නොවන බවත් එම තීන්දුවේ සඳහන් කර ඇත.