3.8 C
New York

ආණ්ඩුවේ සහන මල්ලට, මැතිවරණ කොමිසම හරස් වෙයි

Published:

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාලයේ දී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යැයි කියමින් සහන මිලට ආහාර මල්ලක් ලබාදීමට රජය ගත් තීරණය නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම සහන ආහාර මල්ල මැතිවරණයෙන් පසු ලබාදීමට කටයුතු කරන්න යැයි ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දැනුම් දී ඇත.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් 812,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා මෙම සහන මල්ල ලබාදීමට නියමිතව තිබිණි.

එම සහන මල්ල ඔවුන් සඳහා ලබාදෙන්නේ රුපියල් 2,500.00ක මුදලකට ටවුව ද එම සහන මල්ලේ රුපියල් 5,000.00ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගුවන බව ද රජය පවසයි.

‍මෙලෙස ලබාදීමට සැළසුම් කළ ආහාර පැකේජය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබිණි. රජයේ සැළැස්ම වූයේ එම සහන පැකේජය අප්‍රෙල් මස 01දා සිට 13 වැනි දා දක්වා කාලයේ දී ලංකා සතොස සහ කෝප් අළෙවිසැල් හරහා බෙදා හැරීමටයි.

Related articles

Recent articles

spot_img