1.6 C
New York

මාතලේ පොලිසියට සද්දෙ දැම්මා යැයි තරුණයන් පිරිසක් අත්අඩංගුවට

Published:

මාතලේ පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බවට සැකපිට පුද්ගලයන් 05 දෙනකු අද (03) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර අකුරණ සහ මාතලේ වරකාමුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මාතලේ නගරය ඔස්සේ පෙළපාළියකින් පැමිණි තරුණයන් පිරිසක් ඊයේ (02) මාතලේ පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කර තිබිණි.

විරෝධතාව දැක්වූ තරුණයන් කියා සිටියේ තමන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිය දී එහි පැමිණි මාතලේ පොලිිසියේ නිලධාරීන් කිහිප දෙනකු තමන් පරීක්ෂා කර මත්ද්‍රව්‍ය තිබූ බවට අසත්‍ය චෝදනා කරමින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවයි.

අප ඒ පිළිබඳ මාතලේ පොලිසියෙන් විමසූ විට පොලිසිය කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින පිරිස අතර මත්ද්‍රව්‍ය ඇතැය් ලැබුණු තොරතුරකට අනුව ගොස් පරීක්ෂා කිරීමේ දී දෙදෙනකු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී සොයාගත් බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් ගංජා සන්තකයේ තිබූ පුද්ගලයින් දෙදෙනා හා අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලින් පස්දෙනා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Related articles

Recent articles

spot_img