ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනි දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර පවසන්නේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගෙන් හෙට (04) සිට අප්‍රේල් මස 30 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා Online ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවන බවයි. ඉන් පසු කිසිදු හේතුවක් මත අයදුම් පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව ද විභාග කොමසාරිස්වරයා නිකුත්කළ නිවේදනයේ සදහන් කර ඇත.
මෙම විභාගය සඳහා පෙනී සිටීමට හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පමණි. ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් පමණි.
අයදුම් කිරීමට අදාළ උපදෙස් https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගැනීමට හැකියාව ඇත.
විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් වෙනම සඳහන් කර ඇත.
දුරකථන අංක – 011-2784537, 011-2786616, 011-2784208 011-2786200, 011-2784201,
විද්‍යුත් ලිපිනය – http://gr5schexam@gmail.com
ක්ෂණික දුරකථන අංකය – 1911
ෆැක්ස් අංකය – 011-2784422
Al exam resals