1.6 C
New York

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා කිහිපයක්, යළි භාරගන්න යැයි නියෝග

Published:

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 30 ක් පමණ අද (02) යළි සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් සහිත ප්‍රතික්ෂේප කළ නාම යෝජනා යළි භාරගන්නා ලෙසයි.

ඊට අමතරව මෙසේ භාර ගැනීමට නියෝග කෙරුණු නාම යෝජනා පත්‍ර හැර සෙසු නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම්වලට අදාළ නඩුවලට පාදක වන පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම පත්වීමේ කටයුතු හෙට (03) දින තෙක් අත්හිටුවන ලෙසත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

සෙසු කාරණා මත  ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාරගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගෙන හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියම කළේය.

මෙම පෙත්සම් වෙනුවෙන් පෙනී සිටිි නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොදුවේ කියා සිටියේ, තම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් බාර නිලධාරීන් ගැන ලැබූ තීරණය නීතිවිරෝධි බවය. 

Related articles

Recent articles

spot_img