මෙරට පුද්ගලය් මානව හිමිකම් උල්ළංඝනය කර ඇතැයි ඇතැම් රටවල් විසින් විටින් විට ඒකපාර්ශවිකව සම්බාධක පියවර ගැනීමෙන් එය ශ්‍රී ලංකාවේ ඒක පාර්ශ්වික දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහනයක් නොදක්වන අතර තත්වය තවදුරටත් ව්‍යාකූළ කිරීමටඉවහල්වන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංංශය අවධාරණය කරයි.
වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.
එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් වෙත අද (26) දිනයේදී දැනුම්දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ ආකාරයෙනි.
“ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක” යනුවෙන්, 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට, එක්සත් රාජධානියේ රජය පුද්ගලයන් සිවු දෙනකුට සම්බාධක පනවා ඇති අතර ඉන් තිදෙනෙක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහූ වෙති.”
“‘වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේ යැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්‘ සම්බන්ධයෙන්ද එම පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි.”
“අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි.