spot_img

රිච්මන්ඩ් විවාද කණ්ඩායමට, අධිකරණයෙන් වාරණයක්

පුවත්

විදෙස්

රිච්මන්ඩ් විද්‍යාලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායමට ගාල්ලේ පිහිටි දකුණු පළාත් බද මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ඉදිරිපත් පනවා තිබේ.

මෙම නියෝගය පනවා ඇත්තේ, 2007 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතේ ජාත්‍ය්තර සම්මුති පනතේ (ICCPR) 5(1) ඇ වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ය.

රිච්මන්ඩ් විද්‍යා‍ලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායම තෝරාගැනීමේ දී මිහින් මන්රුස ඈපා නම් තම පුත්‍රයාට අසාධාරණයක් සිදු වූ බවට ඔහුගේ භාරකරු ලෙස ඈපා අරුණ ශාන්ත විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රිච්මන්ඩ් විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා සහ සහකාර විදුහල්පතිනිය ද නම්කර තිබිණි.

පෙත්සම සළකා බැලූ දකුණු පළාත්බද මහාධිකරණ විනිසුරු, පූර්ණිමා පරණගමගේ විසින් රිච්මන්ඩ් විද්‍යාලයයීය ඉංග්‍රීසි විවාද කණ්ඩායම තෝරාගැනීමේ ක්‍රියාවලිය වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළාය. රිච්මන්ඩ් විද්‍යාලය මෙම විවාද කණ්ඩායම තෝරාගෙන ඇත්තේ 2025 මාර්තු මස 10 වැනි දා බවත් එමගින් තම දරුවා දැඩි ලෙස මානසික බිඳවැටීමකට ලක්ව ඇති බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දක්වා ඇත.

මෙම කරුණු සළකා බැලූ අධිකරණය එම තෝරාගැනිමේ ප්‍රතිඵල අත්හි‍ටටුවීමට 2025-03-25 දක්වා බලාත්මක වන පරිදි වාරණ නියෝගයක් නිකුත්කර ඇත. එමෙන් ම එම නියෝගය නොතකා හැර හෝ පැහැර හැර හෝ අධිකරණයට අපාහාස කිරීමක් සේ සළකන බව ද  දකුණු පළාත් බද මහධිකරණය ඊයේ (20) නිකුත් කළ සිය නියෝගයේ පැහැදිළිව සඳහන් කර ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles