spot_img
spot_imgspot_img

ලොව කැත ම මාළුවා, වසරේ මාළුවා කළ නවසීලන්තය

පුවත්

විදෙස්

ලෝකයේ කැතම සත්වය ලෙස හැඳින්වෙන “Blobfish” නමැති මාළු විශේෂය වසරේ මාළුවා ලෙස නම් කිරිමට නවසීලන්තයේ පරිසරවේදීන් කණ්ඩායමක් කටයුතු කර තිබේ.

ඔවුන් මෙය සිදුකර ඇත්තේ නවසීලන්ත ජනතාවගේ මිරිදිය සහ සාගර ජීවීන් පිළිබඳ දැනුම්වත්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණු කරගනිමින් කරනු ලබන වාර්ෂික වැඩසටහක් වෙනුවෙනි.

බ්ලොබ්ෆිෂ් ගැඹුරු සාගර පතුලේ ජීවත් වන අතර ඇටසැකිල්ලක් සහ කොරපොතු වෙනුවට, මෘදු ශරීරයක් සහ දුර්වල සමක් සහිත සත්ත්වයෙකු බව සඳහන් වේ.

ඔවුන්ගේ සිරුරු සෑදී ඇත්තේ ජලයට වඩා අඩු ඝනත්වයක් සහිත පටක වලින් වන අතර එමඟින් මුහුදු පත්ලට ඉහළින් පාවීමට පහසුකරයි.

මුහුදු පතුලේ දී ඔවුන්ගේ ශරීරයේ හැඩය බල්බයක් වැනි මාළුවෙකුගේ හැඩයක් ගත්ත ද ජලයෙන් ඉවතට ගත් විට සම්පූර්ණයෙන්ම වෙනස් වූත් විකෘති පෙනුමක් ගෙන දෙන බව සඳහන් වේ.

අඩියක් හෙවත් අඟල් 12 (සෙ.මී. 30) ක් පමණ විශාලත්වයෙකින් වර්ධනය වන මත්ස්‍යයෙකි. ඔවුන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් දක්නට ලැබෙන අතර, අඩි 2,000-4,000 (මීටර් 600-1,200) ගැඹුරක ජීවත් වේ.

බ්ලොබ්ෆිෂ් මොලුස්කාවන්ට අමතරව, කකුළුවන් සහ පොකිරිස්සන් වැනි කස්ටේෂියන් මෙන්ම මුහුදු ඉකිරියන් ද ආහාරයට ගන්නා බව පර්යේෂකයෝ කියති.

“Blobfish” මත්ස්‍යයා සිය ගොඳුර එන තුරු ඉතාව ඉවසිලිවන්තව මුඛය විවෘත්ත කරගෙන නිසොල්මන්ව බලා සිටියි.

මෙම විශේෂයට අවුරුදු 130ක් දක්වා ජීවත් විය හැකි බව විශ්වාස කරන අතර සෙමින් වර්ධනය වන බවත් සෙමින් චලනය වන බවත් පර්යේක්ෂකයින්ගේ මතයයි. ගැහැණු සතුන් තනි කූඩුවක බිත්තර 100,000ක් දක්වා දමන අතර, ඔවුන් පැටවුන් බිහි වන තෙක් ඒවා ආරක්ෂා කරයි.

දශකයකට පෙර නවසීලන්ත පර්යේෂණ නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මෙම වර්ගයේ මත්ස්‍යයකු මුල් වරට ඡායාරූපයට නැගීමෙන් “Blobfish”  වර්ගයේ මසුන් පිළිබඳ මුල්වරට ලෝකයට අනාවරණ්‍ය කර ඇත. එතැන් පටන් ලෝකයේ අවසලස්සන ම මාළුවා යනුවෙන් අන්වර්ථ නාමය ලැබූ “Blobfish” දැන් ලොව මසුන් ගැන අවබෝධය ලබා දීමේ සටනට පිවිස තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!