අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න යැයි නියෝග කර තිබේ.
2023 වර්ෂයේ දී මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පැලෑනේ දී ඩබ්ලිව් 15 හෝටලයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට අදාළව වරෙන්තු ලබා සිටිය දී දින 20ක කාලයක් අධිකරණය මඟහරිමින් සිට ඊයේ (19) අධිකරණයට පැමිණ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් අද දක්වා රිමාන්ඩ් කෙරිණි.