අපේ රටේ සිගරට් අළෙවි කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය නොකර අඩු බද්ධක් අදය කරනවා යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ එක් සිගරැට්ටුවක් සඳහා අයවිය යුතු බද්ධ 75%ක් වුවත් ශ්‍රී ලංකාවේ දී ඊට වඩා අඩු මුදලක් අය කරන බව ඔහුගේ තර්කය වී තිබේ. මේ හේතුවෙන් දුම්කොළ සහ සිගරැට් නිෂ්පාදන සමාගම් අධික ලාභයක් ලබන බව ඔහුගේ අදහස වී තිබේ.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා සිටියේ ඉතා කඩිනමින් සිගරට් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගත යුතු බවයි.
ඔහු මෙසේ ද කීවේය.
“මෙම බද්ද වසර කිහිපයක් තිස්සේ පහළට වැටෙමින් තියෙනවා. ආණ්ඩුවට ලැබෙන ආදායමට වඩා එන්න එන්න ආදායම අඩු වෙමින් තිබෙන්නේ. මේක හරියට විශ්ලේෂණය නොකර ගත් තීරණ නිසා ආයතනයට ලැබෙන ලාභය අති විශාලයි ආණ්ඩුවට ලැබෙන ලාභයට වඩා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම අලුතින් හිතන්න සිගරට්වලට ගහන බද්ද සම්බන්ධයෙන්. ඒකට අපි මෙතෙන සාකච්ඡා කළා. ආණ්ඩුව පෙන්වා දුන්නා උද්ධමනයට තවත් 4%ක් එකතු කරලා තමයි කියලා මේ බද්ද ගහන්නේ. හැබැයි ඒ පැත්තෙන් බැලුවහම අපි පෙන්වා දුන්නා ගිය වසරේ බැලුවහම උද්ධමනය 1.9 නෙමෙයි 1.2යි. එහෙම නම් ඔය බද්ද වැදෙන්න ඕනේ 5.2කට. නමුත් ඔක්කෝටම එක බද්ද ගහනකොට නිරායාසයෙන්ම මෙතෙන විෂමතාවයක් නිර්මාණය වෙනවා. මේ තුළ අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටිය අල්ල ගන්නවා. තර්කය තමා එහෙම නැති වුණොත් බීඩි බොන්න ඒ අය උනන්දු වෙනවා කියලා. ඒ නිසා මම යෝජනා කරනවා මුදල් කමිටුව විදියට මම මේක සම්මත කළේ, අයවැය පාස් කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා අපිත් සහභාගි වෙන්නම් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන අපි තීරණයක් ගත යුතුයි.”