spot_img
spot_imgspot_img

වසර 104කට පසු, ගාල්ලෙන් මතු වූ අමුතු හත්ත, “ජාත්‍යන්තරයට” යයි

පුවත්

විදෙස්

“සජීව අමුතු හත්තක් හැදිලා, පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ.” මිදුල අතුගාමින් සිිිටි සිරංගිකාගෙන් ලැබුණු ඇමතුම ගැන ම‍ගේ වැඩි උනන්දුවක් නැත. තුරු වදුලකින් වට වී දිය සීරාවෙන් සහ තෙතමනයෙන් යුතු අපේ නිවස වටා ඇති ගස් වැල් සහ වරින් වර හටගන්නා හතු වර්ග අරුමයක් නොවේ.

නමුත් ඇය නැවත නැවතතත් එක ම දේ කියා හඬ ගසන්නේ එය සැබැවින් ම ඇය කිසිදා දැක නැති පුදුමය දනවන දෙයක් නිසා විය යුතු බැවින් කරමින් සිටි වැඩය අවසන් කළ මම එදෙසට පිය මැන්නේ නොරුස්නා ස්වරූපයෙනි. එහෙත් ඒ ගමන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණයකට හේතුවේ යැයි මා කිසිදා සිතුවේ නැත. .

පුදුමයකි. ගෙවත්තේ පාර පාර පැත්තට වෙන්නට ඇති ගලක් පලාගෙන එලියට ඇදී ඇති පුරුෂ ලිංගයක් වැනි රතු පැහැති හත්තකි. වෘෂණ කේෂ දෙකක් වැනි කොටසක්, සහිතව එය අපූරු ආක‍ර්ශණීය පෙනුමක් සහිතව දක්නට ලබෙයි. ඒ මෙ‍ාහොතේ ම ඡායාරූප රැසක් ලබාගත් මම ලෝකයේ දිලීර වර්ග පිළිබද සූඡිකරණ දැක්වෙන Online site කිහිපයකට ඒ රූප උඩුගත කළ සමාන ඡායාරූප සොයා බැලුවෙමි. එකම වෙබ් අඩවියකින් හෝ ඊට සමාන ඡායාරූප ලබුණේ නැත. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය සිරිිල් විජේසුන්දරට කතා කර ඡායාරූප යැව්වෙමි.

“සජීව මේ වගේ එකක් නම් දැකලා නෑ. දීප්ති යකන්දාවල මහත්මියට යවන්න. ඔහුගේ උපදෙස විය.”

“භාතිය මල්ලිට යවන්න සජීව” බිරිඳගේ උපදෙස අනුව භාතිය ගොපල්ලවට යැව්වෙමි.

“අයියේ නිව් ස්පීසීස් වගේ” භාතිය ටික වේලාවකින් කීවේය.

මෙහෙයුම දියත් විය. භාතිය ගොපල්ලව පේරොදෙණියේ සිට මේ හත්තේ ඡායාරූ හතර වටේ සොයද්දී මම ගාල්ලේ හපුගල මගේ නිවසේ සිට ලෝක‍ය පුරා මට හැකි පමණින් සොයා බලන්නට විය. බිරිඳ සිරංගිකාගෙන් ද අපූරු සහයෝගයකි. උපන්තේකට නොදුටු හත්තක්. මිදුලේ ගලක් පල්ලෙන් හදිසියේ ම මතු වී කරපු හදියක් අපේ සියලු වැඩ පාඩුකර තිබුණේ ඒ ආකාරයෙනි. නමුත් සොබා දහමේ අපූරු අමුතු දෑ සොයා යන්නට අප සියලු දෙනා ප්‍රගුණ කර තිබූ බැවින් මෙවැනි දෑ අපට අරුමයක් වූයේ නැත.

පැය ගණනක වෙහෙසකින් පසු අප සොයන හත්ත හා සමාන පෙනුමකින් යුතු හත්තක චිත්‍ර සටහනක් සොයාගත හැකිවිය. ඒ මැලේසියාවෙනි.

1854 වර්ෂයේ එක දිගට මහා වැසි පතිත වන අවස්ථාවක මැලේෂියාවේ උණබට වැවෙන ස්ථානයක් ආශ්‍රිතව මෙවැනි හතු රැසක් දක්නට ලැබුණු බවත් දින ගණනක් පැවැත් වැස්ස කාලයේ දී අධික දුර්ඝන්ධයක් හමන පුරුෂ ලිංගයක් වැනි හත්තක් පිපුණු බවත් එම වාර්තාවේ කියා තිබිණි. නමුත් එම හතු පිළිබඳ උද්භිද විද්‍යාත්මක වාර්තාකරණයක් සිදු කර නොති බූ බවත් දක්වා ඇත. ඉන් පසු නැවත 1892 දී එම ස්ථානයේ ම මහ වැසි පතිත වූ කාලයක දී එම හතු විශේෂය දක්නට ලැබුණු බවත් එවර ඒ පිළිබඳ පර්යේෂණ කළ උද්භිද විද්‍යාඥයෝ එම හත්ත මුටිනාස් බුම්බුසිමාස් ලෙස නම්කර ඇති බවත් එහි පසුව සටහ් කර ඇත. එහි ඇත්තේ ද චිත්‍රයකි. ඡායාරූප කිසිවක් නැ. පසුව මෙම හතු වශේෂය මැඩගස්කර දූපත්වලින් වාර්තා වී ඇති බව ද එම වාර්තාවේ ම සටහන් කර තිබිණි. නමුත් ලංකාවෙන් වාර්තා වී තිබූ බවක් සොයාගත නොහැකි විය. දැන් හත්තට විද්‍යාත්මක නමක් සොයාගත හැකිවිය.

මා මිදුලට ගොස් හත්තේ ගඳ  සුවඳ සොයන්නට උත්සාහ ගන්නා විට ම දුටුවේ නිල මැස්සෙකු එහි ශිෂ්ණ මුණ්ඩය මෙන් පෙනෙන කොටසේ වසා සිට ඉගිල ගිය බවයි. සැබෑවකි දැඩි දුර්ගන්ධයක් ඉන් වහනය වෙයි. ගඳ ගහන හත්තකි.

“භාතිය, හත්ත ගැන  තොරතුරු ටිකක් හොයාගත්තා. මැලේසියාවෙන් සහ මැඩගස්කර් වලින් හමුවෙලා තියෙනවා. ලංකාවේ රෙකෝඩ් එකක් නෑ. ගඳයි. නිල මැස්සෝ එනවා. දැන් බලනකොට එතන තියෙන ගස් යට පිපෙන්න තියෙ හතු ගොඩක් හැදීගෙන එනවා. මේ දවස්වල අපේ ගෙවල් පැත්තට දිගටම වහිනවා. මතක ඇති කාලෙක මේ වගේ වැස්සේ නෑ, හත්තේ හිස්ට්‍රි එක අනුව නම් දිගට වහින කොට තමයි පිපෙනවා කියන්නේ.” මම කීවෙමි.

“හරි, මම යකන්දාවල මැඩම්ට කතා කරලා මොනවද කරන්නේ කියලා කියන්නම් අයියේ”

මෙම හත්ත මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ හතු විශේෂයක් යැයි සිතා අපි පර්යේෂණ කටයුතු ආරම්භ කළ ද මූලික සොයා බැලීම්වල දී අනාවරණය වූයේ 1919 වර්ෂයේ දී පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උණ ගස් වැවී තිබූ ස්ථානයක මෙම හතු විශේෂය දක්නට ලැබී ඇති බවයි. එ් අනුව මෙය මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත. එසේ නමුත් ශ්‍රී ලංකාවේ පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් හැර වෙනත් ස්ථානයකින් විද්‍යාත්මක ලෙස වාර්තා කරන ද පළමු අවස්ථාව වන්නේ ගාල්ලේ හපුගල මාධ්‍යවේදීන් ජීවත්වන නිවසකින් මෙම හතු විශේෂය වාර්තා වීමයි.

මේ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව ජාත්‍යන්තර Ceylon Journal of science සඟරාවේ මාර්තු කලාපයේ ප්‍රකාශයට පත්කර ඇත. භාතිය ‍ගොපල්ලව, දීප්ති යකන්දාවල, සජීව විජේවීර,  ජී.කේ.අයි.එස්.මාදොළ, එන්.කේ.බී.අධිකාරම් යන පිරිස  මෙම පර්යේෂණය සිදුකර ඇත.

මුටිනාස් බුම්බුසිමාස් නමැති හතු විශේෂය උණ ගස් සහිත පරිසරයේ හමුවන බව පැවසුව ද ගාල්ලේ හපුගල හතු වාර්තා වී ඇති ස්ථානයේ දශක 05ක මෑත ඉතිහාසයේ කිසිම දිනයක උණගස් තිබී නැත. එම ස්ථානයේ කොස් ගස් ඇති අතර, ලේන තැරි වර්ගයේ දේශීය පුවක් ගස් කිහිපයක්, සාදික්කා ගසක්, ස්වභාවිකව නොවන ගෙනවිත් දැමූ ගල් කැබලි කිහිපයක්, දිරා යන දර කොටන් කිහිපයක්, විසිතුරු මල් බදුන් කිහිපයක් දක්නට ලැබෙයි. එමෙන් ම එහි ඇත්තේ වර්ග අඩි 10කටත් අඩු කුඩා තුරු වදුලක් පමණි. නමුත් ඉතා තද සෙවණක් සහිතය. එක දිගට දින කිහිපයක් වැස්ස පවතින විට කුඩා බෝල මෙන් හතු මතු වී එය පැලී හත්ත දිග හැරී දැඩි දුර්ගන්ධයක් නිකුත් කර පර වී යයි හතතේ දුර්න්ධයට පැමිණෙන නිල මැස්සන් එම හත්ත ප්‍රචාරණය කරන බව විද්‍යාඥයෝ කියති.

පර්යේෂකයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දිලීර වර්ග 25,000ක් පමණ පවතින බවයි. නමුත් ඉන් 2,500්ක් වත් මෙතෙක් හඳුනාගෙන නැත. ඒ සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ සිදුකර නැත. මේ නිසා මෙරට හඳුනානොගත් දිලීර වර්ගවලට වඩා හ‍ඳුනා නොගත් දිලීර වර්ග  10 ගුණයක් පමණත තිබේ. මේ හතු වර්ගය ද සොයාගෙන ඇත්තේ ඒ පිළිබඳ හදිසියේ ම ඇති වූ උනන්දුව හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!