-0.4 C
New York

බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි

Published:

බටලන්ද ප්‍රදේශයේ තරුණයින් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසීය.

“1987/89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ උච්චතම අවස්ථාවේදී බියගම පිහිටි වැදගත් රාජ්‍ය ආයතනවලට ආරක්ෂාව සැපයූ ආරක්ෂක අංශවලට නවාතැන් සපයන ලෙස එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න කළ ඉල්ලීමට අවනත වීමට මා ගත් ක්‍රියාමාර්ගය කොමිසම ප්‍රශ්න කර තිබෙනවා” යැයි වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ලොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබාදීම සම්බන්දයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිවයුතු බව පමණක් එම වාර්තාවේ සඳහන් වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

“එම කරුණ ඇරෙන්න අන් කිසිදු චෝදනාවක් මට අදාල වන්නේ නැහැ, ඒ වාර්තාව මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් සඳහන් කර තිබෙනවා.” ඔහු පැවසීය.

Related articles

Recent articles

spot_img