spot_img
spot_imgspot_img

ත්‍රස්ත තර්ජන අඩුම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එයි

පුවත්

විදෙස්

ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම් පිළිබඳ සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් ලොව ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ.

මෙම විශ්ලේෂණය සිදුකරනු ලබන්නේ 2024 වර්ෂයේ දත්ත පදනම් කරගනිමිනි.

ලෝක ජනගහනයෙන් 99.7% ආවරණය වන පරිදි රටවල් 163ක් සඳහා ත්‍රස්තවාදයේ බලපෑම් විශ්ලේෂණය කර තිබේ. එම විශ්ලේෂණය අනුව ලෝකයේ වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනාෆාසෝ රජ්‍යය නම්කර ඇති අතර එම ලැයිස්තුවේ දෙවැනි තැන ලැබී ඇත්තේ පකිස්තානයටයි. තුන්වැනි ස්ථානය සිරියාවට ලැබී ඇත.

ශ්‍රී ලංකාව  ත්‍රස්තවාදී අවදානම අඩු රටක් ලෙස වර්ගීකරණය වී ඇතත් තවමත් පසුවන්නේ 100 වැනි ස්ථානයේ ය. 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 36 වැනි ස්ථානයේ පසු විය. ඒ අනුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී අවදානමක් සහිත රටවල් අතර ස්ථාන 64කින් පහතට ගමන් කර ඇති අතර දකුණු ආසියා‍වේ ත්‍රස්තවාදී තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම රට ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකාව සහ භූතානය පසුගිය වසර 05ක කාලයේ දී කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් වාර්තා නොවූ රටවල් ලෙස නම්කර ඇති අතර 2019 වර්ෂයෙන් පසු ත්‍රස්ත තර්ජන අඛණ්ඩව අඩුවී ඇති බව ද එම වාර්තාවේ දක්වා තිබේ.

ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!