-0.3 C
New York

විදෙස්ගත 26,000ක් passport ගන්න පෝළිමේ

Published:

විදෙස්ගත පුද්ගලයන් 26,000කට වැඩි පිරිසක් නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනැීමට අයදුම්කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියේාජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

එම අයදුම්පත්‍ර යොමුකර ඇත්තේ විදෙස් රටවල පිහිටි මෙරට තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල වෙතය.
 
ඇතැම් පුද්ගලයන්ගේ විදෙස් ගමන් බලපත්‍රවල කාලය ඉකුත්වීම හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙන් ම විදෙස් අධ්‍යාපනය ලබන සිසුන්ට ද ගැටලු මතු වී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මාර්තු මාසය අවසන්වීමට පෙර මෙම ගැටලුව හැකිතාක් දුරට විසඳීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය. විදේශ රැකියා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ දී සහ විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීමේ දී අතරමැදියන් සම්බන්ධ කර නොගන්නා ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img