-0.3 C
New York

ඉලෙක්ට්‍රොනික සිගරැට්ටුව බිව්වොත් වැඩ වරදී

Published:

වේප් හෙවත් ඊ සිගරැට්ුව නීති විරෝධී බවත්, එය භාවිතා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් මේ බව කියා සිටියේ මුදල් කාරක සභාවේ දී අදහස් දක්වමිනි. සිගරැට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 01 වැනි දා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේ ලංකාවේ සිගරට් බද්ද එන්න එන්න අඩුවෙන බවක් පෙනී යන බවයි.

එමෙන්ම දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන ලෙස ද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී උපදෙස් ලබාදුන්නේ ය.

Related articles

Recent articles

spot_img