-0.3 C
New York

රිය අනතුරින් පසු ඇති වූ ගැටුමක්, මරණයකින් කෙළවර වෙයි

Published:

යතුරුපැදි දෙකක් අනතුරට ලක්වීමෙන් පසු යතුරුපැදිකරුවන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 63 හැවිරිදි අයකු ඝාතනයට ලක්ව ඇතැයි ‍වරකාපොළ පොලිසිය පවසයි.

ඊයේ (08) මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට පත්ව ඇත්තේ ඥාතීන් දෙදෙනෙකි. අනතුරට ලක්ව ඇත්තේ බාප්පා සහ පුතකු බව ද දැනගන්නට ඇත. එහි දී 42 හැවිරිදි පුතා විසින් 63 හැවිරිදි බාප්පාට පහර දී ඇත. එම පහරදීමේ දී බාප්පා බිම ඇද වැටී ඇති බවත් එම ස්ථානයේ ලේ පැල්ලම් දක්නට ලැබුණු බවත් පොලිසිය පවසයි.

තුවාලකරු රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) පැවැති අතර වරකාපොළ පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img