-0.3 C
New York

ගම්පහ වෙඩි තැබීමෙන් පසුවත් නිර්ණාමික තර්ජන

Published:

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතර කෙටස් අළෙවිසැළක අද (09) සවස සිදු වූ වෙඩි තැබීමෙන් පසුවත් එම තුවාල කරුවන්ට ලැබුණු නිර්නාමික ඇමතුමක් ලබා දී කිසියම් පුද්ගලයකු තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

මෙම අළෙවි සැළේ හිමිකරුවන 34 හැවිරිදි චාමර සඳරුවන් සහ ඔහුගේ සහායකයා වන 30 හැවිරිදි අසිත දේවින්ද තුවාල ලැබූහ.

පොලිසිය පවසන්නේ මෙම වෙඩි ප්‍රහාරයට පෙර ද අවස්ථා කිහිපයක දී ම ඔවුන්ට මෙවැනි තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇති බවයි.

තුවාල කරුවන් මේ වනවිට ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති ගැටුමක ප්‍රතිඵලයක් විය හැකියැයි පොලිසිය සැකකරයි.

Related articles

Recent articles

spot_img