spot_img
spot_imgspot_img

එලෝන් මස්ක්ගේ, SpaceX රොකට්ටුව පුපුරයි

පුවත්

විදෙස්

එලෝන් මස්ක්ගේ SpaceX වැඩසටහන යටතේ අභ්‍යාවකාශ ගත කරෙුණු යානයක් පුපුරා ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම රොකට්ටුව අභ්‍යාවකාශ ගතකර ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලිනි. අභ්‍යාවකාශ ගතකර සුළු වේලාවකින් රොකට්ටුව පුපුරායාම හේතුවෙන් ඉන් වැටෙන සුන්බුන්වලින් සිදුවිය හැකි හානිය සළකා ගුවන් ගමන් රැසක් අවලංගු කරන ලදී.

අභ්‍යාවකාශගත කර විනාඩි 10කින් පමණ පසු කාර්ය මණ්ඩලයක් නොමැති මෙම යානයේ සම්බන්ධතා බිඳ වැටුණු බවත් ඉන්පසු පුපුරා ගිය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

මෙය රොකට්ටුව අත්හදා බැලීමේ අටවන මෙහෙයුම වූ අතර, එය අඛණ්ඩව දෙවන වරටත් අසාර්ථක විය.

මීටර් 123 (අඩි 403) ක් උස මෙම අභ්‍යවකාශ යානය පැයක ගුවන් ගමනකින් පසු ඉන්දියන් සාගරයට ඉහළින් පෘථිවි කක්ෂයට නැවත ඇතුළු වීමට නියමිතව තිබුණි.

“සෑම විටම මෙන්, සාර්ථකත්වය ලැබෙන්නේ අප ඉගෙන ගන්නා දෙයින් වන අතර, අද ගුවන් ගමන Starship හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා අමතර පාඩම් ලබා දෙනු ඇත.” යනුවෙන් එම සමාගම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!