-0.3 C
New York

අතුරුදන් වූ තරුණියගේ සිරුර හමුවෙයි. ගුරවරයාත් අවසන් ගමන් යයි

Published:

අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුර කළු ‍ගඟේ ඉවුරක රැඳී තිබිය දී සොයාගත් බව දැනගත්, මියගිය තරුණියගේ  30 හැවිරිදි පෙම්වත් සිය දිවි තොරකරගෙන ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාව්‍යා සුභාෂීණී නමැති තරුණියකි. ඇය ඉංගිරියේ සුපිරි වෙළඳ සැළක සේවය කර ඇති අතර පසුගිය 02 වැනි දා සවස 5.30ට පමණ සේවා ස්ථානයෙන් පිටව ගිය පසු සොයාගැනීමට නොහැකි වී ඇත. ඒ පිළිබඳ ඇගේ සොහොයුරා ඉංගිරිය පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබිණි.

තරුණිය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇය සමීපව ඇසුරුකළ 30 හැවිරිදි පාසල් ගුරුවරයකුගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබූ අතර ඔහු පවසා ඇත්තේ ‍02 වැනි දා දෙවරක් තමන්ට දුරකථනයෙන් කතා කළ ද ඉන්පසු සම්බන්ධ කරගත නොහැකි වූ බවයි.

කෙසේ වෙතත් එම තරුණියගේ සිරුර ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ කැළණි ගං ඉවුරේ පාවෙමින් තිබිය දී සොයාගෙන ඇත. එම සිරුර සොයාගත් පසු ඇය සම්බන්ධතා පැවැත්වූ ගුරුවරයා ද හල්වතුර ප්‍රදේශයේ නිවසක දී සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img