ශ්‍රී ලංකාවේ කාන්තාවන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය හේතුවෙන් දැඩි පීඩාවට ලක්වෙමින් පවතින බවත් මේ නිසා ඔවුන් දුක්ඛදායී තත්වයට පත්වන බවත්, ජාත්‍යන්තර කාන්තා දිනය මෙනුවෙන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) කර ඇති සමීක්ෂණ වාර්තාවක් මගින් තහවරු වී තිබේ.
එම වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් සෘජුව දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අතිශයින් අඩු මට්ටමක පවතින බවයි. එසේ වුවත් කාන්තාවන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පාරිභෝගිකයන් බවට පත්කර ගැනීමට සහ කාන්තාවන් අතර දුම්කොළ සහ මත්ද්‍යසාර වෙළෙඳාම සාමාන්‍යකරණය කරගැනීමට විවිධ උපායමාර්ග සමාගම් උත්සාහ දරමින් සිටින බව ද මේ සමීක්ෂණයෙන් හළෙිදරව් වී ඇත.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන් 1000ක දත්ත එක්රැස් කරමින් මේ සමීක්ෂණය සිදුකර ඇත. සමීක්ෂණය පවත්වන ලද්දේ අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය හේතුවෙන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුව ඇති අහිතකර බලපෑම් සහ මද්‍යසාර හේතුවෙන් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්තේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහාය.
එහි දී කාන්තාවන්ගෙන් 54%ක් පවසා ඇත්තේ මද්‍යසාර භාවිතා කරන්නන් නිසා තමන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බවයි.
කහව්ට අයහපත් මානසික අභියෝගවලට මුහුණ දීමට සිදුවන බව කාන්තාවන් 43%ක් ම පවසා ඇත.
මද්‍යසාර භාවිතය නිසා පොදු ස්ථානවල දී තමන් අපහසුතාවට පත්ව ඇති බව සමීක්ෂණයට ලක් වූ කාන්තාවන්ගෙන් 69%ක් ම පවසා තිබේ.

මද්‍යසාර සහ දුම්වැටි සමාගම් විසසින් කාන්තාවවන් ඒවා පරිභෝජනය සඳහා කාන්තාවන්ට පෙළඹවීම කිරීමේ උපක්‍රම භාවිතා කරන බව කාන්තාවන්ගෙන් 37%ක් දැන සිට නැත.
කාන්තාවන්ගෙන් 64% ක් මද්‍යසාර සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා කාන්තාවන් භාවිතා කරන විට කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසා ඇත.
අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය හේතුවෙන්, කාන්තාවන්ගෙන් 54% ක් විවිධ ආකාරයෙන් ගැටලු වලට මුහුණ දී ඇති බව මෙම සමීක්ෂණයෙන් තහවරු වී තිබේ.
ප්‍රධාන වශයෙන් කාන්තාවන්ගෙන් 27.4% අසල්වාසීන් නිසාත්, 27% නොදන්නා පුද්ගලයන් හේතුවෙන් සහ 20% තම පවුලේ සමාජිකයන්ගේ මද්‍යසාර භාවිතය නිසාත් ගැටලුවලට මුහුණ දී ඇති බව වාර්තා කර තිබේ.

කාන්තාවන්ගෙන් 43%ක් අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය හේතුවෙන් අයහපත් මානසික අභියෝග වලට මුහුණ දීමට සිදුව ඇති බව හෙළි කර තිබේ. තවද, සමීක්ෂණයෙන් පෙනී යන්නේ මද්‍යසාර නිසා කාන්තාවන්ගෙන් 38.2% කගේම සතුටට මෙය බාධාවක් වී ඇති බවයි. 27.3% කට ආර්ථික දුෂ්කරතා ඇති කරන හේතුවක් වී ඇති බවත්, 24%කගේ නිදහස සීමා කරන හේතුවක් බවත්, 18%කගේ අධ්‍යාපනයට බාධාවක් වී ඇති බවත්, 12%ක කාන්තාවන්ට ගෘහස්ථ හිංසනයට මුහුණ දීමට සිදුව ඇති හේතුවක් තහවරු වී තිබේ.
කාන්තාව මුහුණ දී ඇති ගැටලු මොනවාද?

කාන්තාවන්ගෙන් 69% වාර්තා කර ඇත්තේ අනෙකුත් පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය හේතුවෙන් ඔවුන් සහ ඔවුන්ගේ මිතුරන් යන දෙපාර්ශ්වයම පොදු ස්ථානවල අපහසුතාවයට පත්ව ඇති බවයි.
මද්‍යසාර භාවිතය නිසා ඔබ හෝ ඔබේ මිතුරන් පොදු ස්ථානවල යම් අපහසුතාවයකට ලක්වී තිබෙනවාද?

මද්‍යසාර භාවිතය හේතුවෙන් ප්‍රසිද්ධ ස්ථානවල අපහසුතාවයට පත්වන කාන්තාවන්ගෙන් බහුතරයක් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ. කාන්තාවන්ගෙන් 61% ක් ප්‍රකාශ කළේ එවැනි අවස්ථා වලදී පොදු ස්ථාන වල අපහසුතාවයක් දැනෙන විට පවා ඔවුන් ප්‍රතිචාර නොදැක්වූ බවයි. මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීමට කාන්තාවන්ගෙන් 11% ක් අකැමැති බව ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
මධ්‍යසාර සහ දුම්වැටි සමාගම්වල පෙළඹවීම්

මද්‍යසාර කාන්තා අයිතීන් සමඟ සම්බන්ධ කරමින් කාන්තාවන් මද්‍යසාර භාවිතයට පොළඹවා ගැනීමට මද්‍යසාර සමාගම් උත්සාහ කරන බව ඔබ දැනුවත් ද යන්න ඇසූ විට කාන්තාවන් ප්‍රතාචාර දක්වා ඇත්තේ පහත ආකාරයෙනි.
කාන්තාවන්ගෙන් 64% ක් වාර්තා කළේ මද්‍යසාර සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා කාන්තාවන් භාවිතා කරන විට කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසි.

මේ වන විටත් මද්‍යසාර සමාගම් වල උගුලේ සිරවී සිටින පිරිමින්ගේ තත්තවයට කාන්තාවන් පොළඹවා ගැනීමට මද්‍යසාර සමාගම් ගන්නා සදාචාර සම්පන්න නොවන උපක්‍රම සහ අනිසි මැදිහත් වීම් වලින් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. මද්‍යසාර නිසා කාන්තාවන් මුහුණ දෙන අභියෝග වලට මුහුණ දීමට සහ මද්‍යසාර සමාගම් විසින් භාවිතා කරන අනිසි සදාචාර සම්පන්න නොවන ප්‍රවර්ධන උපාය මාර්ග පාලනය කිරීමට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පහත නිර්දේශ ඉදිරිපත් කරයි.

මද්‍යසාර වල රසායනික බලපෑම අවපීඩනයකි. කෙසේ වෙතත්, මද්‍යසාර උත්තේජකයක් ලෙස සමාජ ගත කිරීමට මද්‍යසාර සමාගම විසින් විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටියි. මෙවැනි උපක්‍රම වැළැක්වීමට සහ බලපෑම අවම කිරීම සඳහා මද්‍යසාර භාවිතයේ සැබෑ රසායනික බලපෑම කුඩා කල සිට දරුවන්ට අවබෝධ කිරීම සඳහා ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් හඳුන්වා දිය යුතුය.
මද්‍යසාර භාවිතය සම්බන්ධ මිත්‍යාවන් සහ ව්‍යාජ ප්‍රතිරූප පිළිබඳව කාන්තාවන්, තරුණයන් සහ ළමුන් දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීමට වැඩ පිළිවෙලක් සකස් කල යුතුව ඇත.
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි (NATA) පනතට අනුව. කාන්තාවන් සහ තරුණයින් ඇතුළු සමාජයේ සියලුම කොටස් ඉලක්ක කර ගනිමින් දුම්කොළ සහ මද්‍යසාර වෙළඳ දැන්වීම් තහනම් වේ. කෙසේ නමුත්, තවමත් එවැනි දැන්වීම් සහ ප්‍රවර්ධන කටයුතු විවිධ ආකාරයෙන් සිදු වෙමින් පවතී. ඒ නිසා NATA පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කරවීම සහ වසර ගණනාවක සිට ඉල්ලා සිටින NATA පනත ශක්තිමත් කිරීමට යෝජිත සංශෝධන වහාම ක්‍රියාත්මක කළ යුතුය.

මද්‍යසාර භාවිතයට මුවා වී සිදුවන හිරිහැරවලට ප්‍රතිචාර දැක්වීමට කාන්තාවන් දිරි ගැන්විය යුතුය.
“මව” යනු ශ්‍රී ලාංකීය සමාජය තුළ ගැඹුරු සංස්කෘතික වටිනාකමක් සහ වැදගත්කමක් ඇති භූමිකාවකි. අප රට තුළ මද්‍යසාර භාවිතය වැළැක්වීම සහ අවම කිරීම සඳහා මව්වරුන් ප්‍රමුඛ කාන්තාවන් විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. කෙසේ වෙතත්, මද්‍යසාර සමාගම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සමග මද්‍යසාර භාවිතය සම්බන්ධ කර කාන්තාවන් මද්‍යසාර උල්ලේ සිරකොට “මව” යන සංකල්පයට පහර දෙමින් මෙම සංස්කෘතික වටිනාකම් විකෘති කිරීමට උත්සාහ කරයි. එම නිසා, සෑම කෙනෙකුම මද්‍යසාර සමාගම් වල උපාය මාර්ග හෙළිදරව් කිරීමට, මුළා කිරීමට එරෙහි වීමට සහ ඔවුන්ගේ බලපෑම් පාලනය කිරීමට කටයුතු කළ යුතුය.
