-0.3 C
New York

කාබනික නිෂ්පාදන සම්බන්ධ නීති යාවත්කාලීන කරන්න පියවර

Published:

කාබනික නිෂ්පාදන බව සඳහන් කරමින් අළෙවි කරනු ලබන නිෂ්පාදන ද්‍රව්‍ය නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති යාවත්කාලීන කිරීමේ වැදගත් කම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊ පසුගිය බදාදා (05) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම ද සහභාගී විය.

පාරිභෝගිකයන්ට ගුණත්වයෙන් යුත් කාබනික නිෂ්පාදන අලෙවිකිරීම ප්‍රවර්ධනය , නිෂ්පාදනයන් සහතිකකරණය , නිෂ්පාදකයන් ලියාපදිංචිය , අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය , පාරිභෝගිකයා ආරක්ෂාකිරීම තහවුරු කිරීම පිළිබද එහි දී සාකච්ඡා කෙරිණි.

එමෙන් ම කාබනික නිෂ්පාදන සම්බන්ධව වෙළදපොල තුල පවතින ගැටලු, එම නිෂ්පාදනවල සාම්පල පරික්ෂාකරමින් පාරිභෝගිකයා නොමග යවන වෙළදුන් සම්බන්ධයෙන් අධිකාරිය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

පාරිභෝගිකයා නොමඟ යැවීමක් නොමැතිව ගුණාත්ම කාබනික නිෂ්පාදන වෙළෙඳ පොළ තුළ සාධාරණ මිලට අළෙවි කිරීමට අවශ්‍ය දැනුම්වත් කිරීම් හා නීතිරීති ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද එහි දී අවධානය ‍යොමුකර තිබේ.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන ඉලක්කයක් වූයේ ජාත්‍යන්තර වෙළෙඳ පොළට අවශ්‍ය ගුණාත්මක බව සහ ප්‍රමිතීන් ආරක්ෂා කරන පරිදි පවතින නීති යාවත්කාලීන කිරීමයි.

Related articles

Recent articles

spot_img