-0.3 C
New York

කාන්තාවන් ගැන සිහින මවන, ඇමති බිමල්

Published:

දුම්රිය සහ ලංගම සේවාවන් සඳහා ඉදිරියේ දී කාන්තාවන් බඳවාගැනීමට රජය ප්‍රතිප්තතිමය තීරණයක් ගෙන ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක අද (07) පාර්ලිමේන්තුවේ දී කීවේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“හෙටට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් අපේ අමාත්‍යාංශය වැදගත් තීරණයක් ගත්තා. ලංකා ගමනා ගමන මණ්ඩලයේ වගේ ම දුමර්ය සේවාවටත් අපි කාන්තාවන් බඳවා ගන්නවා. බස්රථ රියදුරුවරියන්, දුම්රිය රියදුරන්, දුම්රිය නියාමකයන් ලෙස කාන්තාවන් සේවය කරනවා තව ටික දවසකින් බලාගන්න පුළුවන්. හෙ‍ටට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් මේ තීරනය ගත්තේ. ඒ වගේ ම සිහිනයක් තියෙනවා කාන්තාවන්ට පාසල් බස් රථ භාර දෙන්න.”

Related articles

Recent articles

spot_img