-0.3 C
New York

“වාහන ගෙන්වා ගොඩගහන්න දෙන්නේ නෑ” – මුදල් අමාත්‍යාංශය

Published:

ආනයනය කරනු ලබන වාහනවලින් 25%ක් මාස 06ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත් එම ආනයනකරුගේ ආනයනික බලපත්‍රය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අනවශ්‍ය පරිදි මෝටර් රථ තොග රැස්කිරීම වැළැක්වීමට සහ අතිරික්ත වාහන ආනයනය කිරීමෙන් විදේශ විනිමය සංචිත අඩුවීම වළක්වාගැනීම සඳහා මෙම පියවර ගෙන ඇත.

පුද්ගලික මට්ටමින් වාහන ආනයනය කරන්නේ නම් එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකි අතර එහි දී කොන්දේසි අදාළ නොවන බව ද මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත.

ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක පසුගියා දා රැස්වූ මුදල් පිළිබඳ කාරක සභාවේ දී මෙසේ කීවා ය.

“ආනයනය කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කරන්න අවශ්‍යයි. ලියාපදිංචිකර නොතිබුණොත් 45%ක උපරිමයකට යටත් ව CIF 3% බැගින් වූ දඩ මුදලකට යටත් වෙනවා. ගෙන්වන වාහනවලින් 3%ක් මාස 06ක් ඇතුළත ලියාපදිංචි කරන්න අසමත් වුණොත් ඒ ආයගේ ආනයනය කිරීමේ අවසරය නවතිනවා.”

Related articles

Recent articles

spot_img