spot_img
spot_imgspot_img

කොරෝනා මරණ 73 දක්වා ඉහළට

පුවත්

විදෙස්

කොරෝනා හේතුවෙන් මියගිය පුද්ගලයන් 04 දෙනකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

කොළඹ 10 පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයකු කොළඹ පුද්ගලික රෝහලක දී මියගොස් ඇත. කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ නිව්මෝනියාව මරණයට හේතුව ලෙස දක්වා ඇත.

27 වියැති කොළඹ 15 පදිංචි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දී කොරෝනා බව හඳුනාගෙන මුල්ලේරියාව රෝහලට ඇතුළත්කිරීමන් පසු මියගොස් ඇත. කොරෝනා ආසාදනය හේතුවෙන් අක්මා රෝගයක් උත්සන්න වී මරණය සිදුව ඇති බවට දැනුම් දී ඇත.

කළුතර පොකුණුවිට පදිංචි 59 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මියගොස් ඇති අතර කොරෝනා ආසාදනය හේතුවෙන් පපුවේ ආසාදනයක් හා අධික රුධිර පීඩනය මරණයට හේතුව ලෙස දැනුම් දී තිබේ.

කළුතර හල්පාතොට පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත. කොරෝනා හේතුවෙන් පපුවේ ඇති වූ ආසාදනයක් හේතුවෙන් ඔහුගේ මරණය සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවේ දී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!