-0.3 C
New York

විදුලි සැර වැදුණු පුද්ගලයා, ළිඳකට දාලා පස් පුරවලා

Published:

ඇල්පිටිියේ, නවදගල, දෙමටගහකන්ද ප්‍රදේශයේ පාළු ළිඳකට දමා පස්වලින් වසා තිබූ මළ සිරුරක් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙලෙස සොයාගෙනඇත්තේ දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරකි.

එම පුද්ගලයා අතුරුදන්ව ඇතැයි ඔහුගේ බිරිඳ විසින් පසුගිය 14 වැනි දා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ පරීක්ෂණවල දී පාළු ළිඳකට දමා ඊට උඩින් පස් පුරවා වසා තිබූ මළ සිරුර සොයාගෙන ඇත.

එම ඉඩම් හිමියාගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ සතුන් දඩයම් කිරීම සඳහා තමන් විසින් අදින ලද විදුලි රැහැනක පැටලී එම පුද්ගලයා මියගොස් සිටිය දී හමු වූ බවයි. ඉන් පසු තවත් අයකු සමඟ එක්ව ඔහුගේ මළ සිරුර පාළු ළිඳට දමා පස් පුරවා වසා දැමූ බව ද ඔහු පවසා ඇත.

ඉඩමේ හිමිකරු සහ ඔහුට සහය දුන් බව පවසන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ එම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 38 හා 46 වයස්වල පසුවන බවයි.

Related articles

Recent articles

spot_img