-0.3 C
New York

ඊශ්‍රායල් ගිය ශ්‍රී ලාංකිකයෝ රට කාලා

Published:

ඊශ්‍රායලයේ රැකියා සඳහා ‍ගිය ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය විනාශ කර දමා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඔහු ‍මේ බව කියා සිටියේ ඊශ්‍රායලයේ රැකියා හිමි වූ ශ්‍රී ලාංකිකයන් 217 දෙනකු සඳහා පැවැති රැස්වීකට ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙමිනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකයා අවස්ථා හිමිකරගැනීම හෝ රැකියා අවස්ථා අහිමිකර ගැනීම යන කරුණු දෙක එහි යන ශ්‍රමිකයන්ගේ ක්‍රියාකලාපය මත රඳා පවතින බවයි.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගොස් සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මානසික ව්‍යාකූල තත්වයෙන් සිටින බවත් ඔවුන් සමාජ මාධ්‍ය සමූහ නිර්මාණය කරමින් විවිධ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සංවිධානය කරන බවත් තානාපතිවරයා කී‍වේ ය.

රැකියා සඳහා ඊශ්‍රායලයට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් නීතිගරුකව රැකියාවේ නිරත වී දෙරටේම ගෞරවය ආරක්ෂා කළ යුතුයැයි ද අනවශ්‍ය ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ නොකළ යුතුයැයි ද කීවේය.

Related articles

Recent articles

spot_img