-0.6 C
New York

නැගෙනහිර පළාත් බුද්ධි ලොක්කා අනතුරක

Published:

රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත් භාර සහකාර පොලිස් අධිකාරී නිලංග හේරත් ගමන්ගත් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් අනෙක් මෝටර් රථය පැදවූ රියදුරා මියගොස් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ කිලෝ මීටර 39.3 දොඩංගොඩ ප්‍රදේශය ආසන්නයේ දී ය.

මියගොස් ඇත්තේ කළුතර දකුණ, යලප්පෙරුම මාවත පදිංචි ඒ.බී.රිස්වාන් නමැති 34 හැවිරිදිඅ යෙකි.

සහකාර පොලිස් අධිකාරවරයා, ඔහුගේ රථය පැද වූ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සහ අනෙක් රථයේ ගමන්ගත් අයකු තුවාල ලබා සිටිති.

සහකාර පොලිස් අධිකාරීවරයා රැගත් රථය වැලිපැන්න පිවිසුම පසුකර කොළඹ දෙසට ධාවනය වීමේදී කිලෝමීටර 39.3 දොඩංගොඩ ප්‍රදේශයේ පාලම මත කාර්මික දෝෂයකට ලක්වූ මෝටර් රථයක් මාර්ගයේ වම්පස නතර කර තිබී ඇතැයි පොලිසිය පවසයි.

එහි රියැදුරු මෝටර් රථයෙන් බැස එහි පිටුපස සිටගෙන සිට ඇති අතර මෝටර් රථයේ වම් පස අසුනේ තවත් මගියකු සිට ඇත.

පොලිස් නිලධාරින් දෙදෙනා ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය නවතා තිබූ රථයෙහි පිටුපස සිට ගෙන සිටි රියැදුරු ද යටකරගෙන ගොස් මෝටර් රථයේ ගැටීමත් සමගම සිව්දෙනාම තුවාල සිදු වී ඇත.

Related articles

Recent articles

spot_img