-0.6 C
New York

විදුලි සැර වැදුණු පුතා බේරන්න ගිහින්, මවත් පුතාත් දෙදෙනාම අවසන් ගමන් යයි

Published:

අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී පාසල් දරුවකු සහ ඔහුගේ මව මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ ගගන ඉඳුවර සහ ඔහුගේ මව වන එනෝෂා හර්ෂණී නමැති 38 හැවිරිදි සිව්දරු මවකි.

ඊයේ (05) සවස පෙර පාසල් ගොස් පැමිණි දරුවා සිය කුඩා පාපැදිය පදිමින් සිටිය දී නිවස ආසන්නයේ පිහිටි ඉඩමක ඇති බේකරියක සහ නවතා තිබූ ලොරියක ආරක්ෂාවට ඇද තිබූ විදුලි කම්බියක පැටලී ඇත.

සෙල්ලම් කරමින් සිටි පුතු විදුලි කම්බියේ පැටලී ඇති බව දැක කෑ ගසමින් පුතු බේරාගැනීමට ගිය මවට ද විදුලි සැර වැදී ඇත.  දරුවා සහ මව එම ස්ථානයේ ම මියගොස් ඇති අතර පොලිසිය පරීක්ෂණ පවත්වන අවස්ථාව වනවිටත් විදුලිය විසන්ධිකර නොතිබූ බව වාර්තා වේ.

Related articles

Recent articles

spot_img