වේග සීමා මැන බැලීමට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුතු Speed – gun උපකරණ තොගයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලැබී ඇතැයි රථවාහන පොලිසිය පවසයි.
ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම උපකරණ රාත්‍රී කාලයේ දී ද භාවිතා කළ හැකි අතර කිලෝ මීටර 1.2ක් තුළ දී මෝටර් රථයක වේගය ග්‍රහණය කළ හැකි තරම් සංවේදී බව ද පොලිසිය පසයි.
එහි වීඩියෝවක් පටිගත වන අතර එය සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී.
එමගින්, රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ මෝටර් රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මෙම උපකරණයෙන් ග්‍රහණය කරගැනීමට හැකි බව ද පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර මනෝජ් රණවල මෙසේ කීවේය.
“රථවාහනවල වේගය අධික වීමෙන් වටිනා ජීවිත රැසක් අහිමි වෙනවා. කොතරම් වේග සීමා සඳහන් කර තිබුණත් ඇතැමි රියදුරන් වේග සීමා උල්ලංඝනය කිරීම සිදුකරන නිසා අනතුරු සංඛ්‍යාව වැඩියි. 2020 සිට 2024 දක්වා ගත වූ කාලයේ දී රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 12,322ක්, බරපතල රිය අනතුරු 33,259ක් වෙලා තියෙනවා. මේ වසරේ පෙබරවාරි 26 වැනි දා දක්වා පමණක් 341 දෙනෙක් රිය අනතුරුවලින් මියගිහින්. මේ අනතුරු වැඩි ප්‍රමාණයකට හේතුව අධික වේගය. ඒ නිසා අපි වේගය පාලනය කළ යුතුයි. මේ නව උපකරණය ඒ සඳහා මහෝපකාරී වේවි. මෙයට කියන්නේ ටූකැම් කියලා. නයිට් විෂන් තිබීම ඉතාමත් වටිනවා. ”
ඔහු කියා සිටිය් මේ වනවිට එවැනි උපකරණ 30ක් ගෙන්වා ඇති බවයි. මේ වනවිට පොලිස් කොට්ඨාසයකට එකක් බැගින් කොට්ඨාස 30කට මෙම උපකරණ බෙදා දී ඇති ආතර තවත් උපකරණ 15ක් ගෙන්වීමට නියමිතය.