spot_img
spot_imgspot_img

SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ ශූරතාවය ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායමට

පුවත්

විදෙස්

SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ අවසන් මහා තරගය ඉරිදා (02) පැවැත්වූනු අතර, එහිදී ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායම රීබෝන් ලෙජන්ඩ්ස් කණ්ඩායම පාරජයට පත්කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක කිංකිණි ගමගේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ගැනීමට සමත්විය.

පිළිතුරු ලෙස පන්දුවට පහර දීමට පැමිණි රීබෝන් ලෙජන්ඩ්ස් කණ්ඩායමට ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 16.3ක දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137ක් පමණි. ඒ අනුව ස්කොර්පියෝස් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 78ක ජයක් හිමිකර ගැනීමට සමත්විය.

තරගාවලියේ වීරයා : ජේ.ඩී. මහේෂ්

තරගාවලියේ හොඳම පන්දු යවන්නා : ජයශාන් පෙරේරා

අවසන් තරගයේ ක්‍රීඩකයා : දර්ශන පීරිස්

අවසන් මහා තරගයේ හොඳම පිතිකරු : සුජාත් විජේසේකර

අවසන් මහා තරගයේ හොඳම පන්දු යවන්නා : දර්ශන පීරිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!