-0.6 C
New York

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගන්න සූදානම් යැයි නීතිපති කියයි

Published:

කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවට අයවිය යුතු වන්දි මුදල් ලබාගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද නැවත විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවේන පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මෙම කරුණු සඳහන් කළේය.

අගවිනිසුරු, මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිිරියේ මෙය විභාගට ගැණිනි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්යය මණ්ඩලයේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මෙම  සිදු වී ඇති බැවින් එම කාර්ය මණ්ඩලය ඊට වගකිව යුතු බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

වන්දි අයකරගත යුත්තේ ඊට වගකිව යුතු නෞකාව අයත් සමාගමෙන් සහ නැවේ කාර්ය මණ්ඩලයෙන් බැවින් ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වන්දි ලබාගැනීම සඳහා සිවිල් හා අපරාධ නඩු ගොනු කිරීමට කටයුතු කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img