-0.6 C
New York

වෛද්‍යවරු වර්ජනය කල් දමති

Published:

දීප ව්‍යාප්තව පැවැත්වීමට සැළසුම් කර තිබූ වෛද්‍ය වැඩවර්ජනය අතහැර දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් එම වැඩවර්ජනය පවත්වන බව කීවේ හෙට (05) දින දී ය.

අද (04) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමකින් අනතුරුව වැඩවර්ජනය අතහැර දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල පවසයි.

“අපි අද තීරණය කළා මේ වැඩවර්ජනය කලි දැමීමට. මාර්තු 21 වැනි දා අයවැය තුන්වැනිවර කියවීම ද්කවා අපි මේ වැඩවර්ජනය නවත්වනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වුණා අපේ වෛද්‍යවරුන්ට මීට පෙර තිබූ අමතර රාකාරී දීමනාව සහ නිවාඩු දින දීමනාව ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යාමට අවශ්‍ය සාධනීය මැදිහත්වීමක් කරනවා කියා. ඒ අනුව අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම අවසන්වනතුරු අපි වැඩවර්ජනයකට යන්නේ නෑ.”

Related articles

Recent articles

spot_img