-0.6 C
New York

වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපති අධිකරණයට භාර වෙයි

Published:

වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද (04) උදෑසන අධිකරණය භාර වී ඇත.

වැලිගම හෝටලයක වෙඩි තැබීමක් සිදුවන බවට ලැබුණු තොරතුරකට අනුව වැලිගම පොලිසියේ මුර සංචාරක රථයේ නිලධාරීන් එහිගොස් වෙඩි තැබූ සුදු පැහැති වෑන් රථයක් පසුපස හඹා ගොස් ඊට වෙඩි තබා තිබිණි. පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයකු පසුව කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී මියගිය අතර අනාවරණය වූයේ ඔවුන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන අයකු බවයි.

එම පොලිස් නිලධාරියාගේ මරණය මේ වනවිට අපරාධමය වරදක් බවට පත්ව ඇති බැවින් එහි චූදිතයන් ලෙස වැලිගම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා සහ එවකට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනකුට මාතර අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරිණි.

ඒ අනුව වැලිගම වැඩබලන ස්ථානාධිපතිවරයා අද පොලිසියට භාර වූයේ ය.

Related articles

Recent articles

spot_img