spot_img
spot_imgspot_img

ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව ගැන වාර්තාවක්

පුවත්

විදෙස්

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති සාමකාමී මැතිවරණ තත්වය සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (03) වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයට සමගාමීව ය. එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිගෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් මෙම වාචික වාර්තාව ලබා දී ඇත.

උතුරු නැගෙනහිර ප්‍රජාවට අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ඉඩම් ආපසු ලබාදීම, සංහිඳියාව ඇතිකිරීම, මාර්ග බාධක ඉවත්කිරීම යන කරුණු මෙම වාර්තාවේ ඇතුළත් වේ. එමෙන් ම ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය කරන කටයුතුවලට සහය ලබාදෙන බව ද එහි දී අවධාරණය කර තිබේ.

මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ශ්‍රී ලංකා රජය ද ඊයේ (03) දිනයේ වාර්තාවක ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික සමාජයීය සංවර්ධනයක් සඳහා නව රජය ගෙන යන ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ එහි සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!