-0.6 C
New York

හොරෙන් පොල් කඩා, වෙඩි කයි

Published:

කුලියාපිටියේ, පිටදෙණිය ප්‍රදේශයේ, තෝරපිටිය වත්තට ඇතුළු වූ පුද්ගලයකුට වත්තේ මුරකරු විසින් වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (03) සවස තෝරපිටිය වත්තට ඇතුළු වී අනවසරයෙන් පොල් කැඩීමේ නිරත පුද්ගලයකුට මුරකරු විසින් මෙලෙස වෙඩි තබා ඇත.

එම වෙඩිතැබීම සිදුකළ සැකකරු බෝර 12 පතොරම් තුව්ක්කුව ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි.

පොලිසිය සඳහන් කළේ එම තුවක්කුව 2025 වර්ෂය සඳහා ද බලපත්‍රයක් ලබා ඇති ගිනි අවියක් බවයි.

Related articles

Recent articles

spot_img