ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත.
ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි ඕලන්ද ජාතිකය්ට සහාය දැක්වූ දේශීය පවුලක් ජීවත් වූ පැරණි නිවසක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
මුහුදු කොරල් භාවිතා කර බිත්ති බැඳ තිබූ මේ ගොඩනැගිල්ල කාලයක සිට අබලන් වී ජරාජීර්ණ වී තිබුණ ද එය පුද්ගලික හමිිකරුවකු සතු ගොඩනැගිල්ලක් බැවින් කිසිදු අලුත්වැඩියා කටයුත්තක් සිදුකර නැත.
එම ගොඩනැගිල්ල සහ ඉඩම විදේශිකයකු විසින් මීටර වසර 25කට පමණ පෙර මිල දී ගෙන තිබුණකි. ගාල්ල කොටුවේ විදේශිකයන් විසින් මිල දී ගෙන එලෙස අතහැර දැමෑ පැරණි නිවාස සහ ඉඩම් කිහිපයක් පිහිටා ඇත.
වෙනත් රටවල නම් පුරාවිද්‍යාත්මක උරුම ස්ථානවල ඇති ඓතිහාසික ගොඩනැගිලි සහ ඉඩම් කිසියම් පුද්ගලයකු සතුනම් රජයේ මගපෙන්වීම හා නිර්දේශය මත නඩත්තු කිරීම සිදුවේ. නැතිනම් ඒ සඳහා බද්දක් අය කිරීම ද සිදුකරරයි. නමුත් ශ්‍රී ලංකාවේ මෙවැනි උරුම ස්ථානවල ඉඩම් සහ ගොඩනැගිලි මිල දී ගන්නා පුද්ගලයන් ඒවායේ භූමි වටිනාකම කිහිප ගුණයකින් වැඩිවනතුරු කිසිම අලුත්වැඩියාවක් නොකර ගරා වැටෙන්නට ඉඩ හැර පසුව ඒවා කඩා වැටුණු පසු නව සැළසුම් අනුව ඉදිකිරීමයි.

