9.2 C
New York

පුංචි ඡන්දයට ඇප බැඳීම අද සිට, නාම යෝජනා 20 වැනිදාට අවසන්

Published:

පළාත් පාලන මැතිවරණය සඳහා 2025 මාර්තු මස 17 වැනි දින සිට මාර්තු 20 වැනි දින දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

පළාත් පාලන ආයතන 336 ක් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේහමීය සභාව, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පුනාකරි ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ මහ නගර සභාව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නැත.

ඒ අනුව මහ නගර සභා 28ක්, නගර සභාව 36ක් සහ ප්‍රාදේහීය සභාව 272ක් සඳහා මෙවර මැතිවරණය පැවැත්වෙයි.  නාම යෝජනා භාර ගැනීමට අදාළ නිවේදන මේ වන විට අදාළ පළාත් පාලන ආයතන වල ප්‍රසිද්ධ කොට ඇත.

ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම 2025 මාර්තු මස 03 දින සිට 2025.03.19 දින මධ්‍යහ්න 12.00 දක්වා සිදුකෙරේ. නමුත් මාර්තු 13 පෝය දිනයේ, මාර්තු 08,09, 15 සහ 16 යන සෙනසුරාදා ඉරිදා දිනවල දී ද ඇප මුදල් තැන්පත් භාර ගැනීම සිදුවන්නේ නැත.

නාම යෝජනා භාර ගැනීම 2025 මාර්තු 17 වැනි දා සිට 2025 මාර්තු මස 20 වැනි දින මධ්‍යහ්න 12.00 දක්වා ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී සිදුකෙරේ.

Related articles

Recent articles

spot_img