spot_img
spot_imgspot_img

සිසුවාටට පහර දුන් විදුහල්පති රිමාන්ඩ්

පුවත්

විදෙස්

මැදිරිගිරියේ පාසලක සිසුවකුට පහර දී වදහිංසා කරමින් කනට තුවාල සිදුකරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයකු ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර නියෝග කළේය.

විදුහල්තිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවකු කරන ලද පැමිණිල්ලකට අනුවය.  17 හැවිරිදි පාසල් සිසුවා පවසා ඇත්තේ පාසල් වේලාව තුළ දී විදුහල්පතිවරයා තමන්ට අමානුෂික ලෙස පහර දී වදහිංසා කළ බවයි. ඒ අනුව විමර්ශනයක් සිදුකර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

විදුහල්පතිවරයා පහරදීම හේතුවෙන් සිසුවාගේ එක් කනකට තුවාල සිදු වී රුධිරය වහනය වී ඇති බවත් ඔහු මැදිරිගිරිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර කිරීමෙන් පසු පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

පාසලට පැමිණෙන විටට කළු පැහැති මේස් පැළඳගෙන පැමිණ ඇතැයි ද, කොණ්ඩය කපා නැතැයි ද පවසමින් මෙම පහරදීම ිසදුකර ඇති බවත් විදුහලපතිවරයා එම සිසුවාට මීට පෙර ද වරින් වර වධහිංසා පමුණුවා ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අසනීප තත්වයක් බව පවසමින් මැදිරිගිරිය රෝහලට ඇතුළත්ව සිටි බැවින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් ඔහු පරීක්ෂා කර බලා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!