මොරටුව අධිකරණයේ දී සිරකරුවකු පැනගිය අවස්ථාවේ දී අධිකරණය ඡායාරූපයට නැගුවේ යැයි චෝදනා ලබා සිටි ලංකාදීප සහ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට මොරටුව මහේස්ත්‍රාත් උද්දාළ සුවන් දුරුගොඩ නියෝග කළේය.
ඇයට එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් එම චෝදනාවලින් ඇය නිදහස් කරන බව එහි දී ප්‍රකාශ කෙරිණි.
මෙොරටුව අධිකරණයෙන් සැකකරුවකු පැන යන අවස්ථාවේ රේඛා තරංගනී ෆොන්සේකා අධිකරණය ඇතුළත සිටිමින් මාධ්‍ය වාර්තාකරණයේ නියැලී ඇත.
ඇයගේ සාක්ෂියේ දී පවසා ඇත්තේ තමන් අසළට පැමිණි බන්ධනාගාර නිලධාරියකු එම සිද්ධිය පුවත්පතට වාර්තා නොකරන ලෙස ඉල්ලා සිටි බවයි. ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ පොලිස් නිලධාරියකු ද උස් හඬින් පවසා ඇත්තේ “මේක අපේ උසාවිය, ඇයි එහෙම කරන්න බැරි” යනුවෙනි. මේ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇයට චෝදනා කරමින් විවිධ දේ පවසද්දී ඇය අධිකරණයෙන් නික්ම ගිය බව පසුව සාක්ෂි දෙමින් පැවසුවාය.
එලෙස නික්මයන අවස්ථාවේ දී තම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට දුරකථන ඇමතුමක් ගෙන සිද්ධිය සැළකල බවත් එම අවස්ථාවේ දී පොලිස් නිලධාරිනයක් පැමිණ තම දුරකථනය උදුරා ගැනීමට උත්සාහ ගත් බවත් ඇය පවසා තිබිණි.
එම සිද්ධියෙන් මාස කිහිපයකට පසු රේඛා තරංගනී ෆොන්සේකාට අධිකරණයෙන් වරෙන්තු කර තිබුණේ නඩුවට පෙනී සිටීම සඳහා සිතාසි කැඳවීමකින් ද තොරවය.
ඇයට එල්ල වූ චෝදනාව වූයේ රාජ්‍ය සේවකයකුගේ ආඥාවකට අකීකරු වී මාධ්‍යවේදිනිය අධිකරණයේ ඡායාරූඵ ගත කිරීමෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වැනි වගන්තිය ප්‍රකාරව වරදක් කර ඇති බවයි. එම චෝදනාව ගොනුකර තිබුණේ මොරටුව පොලිසිය විසිනි.
එවකට මොරටුව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ලෙස කටයුතු කරමින් සිටි සිරියාවතී ෆොන්සේකා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ මාධ්‍යවේදිනිය අධිකරණය ඡායාරූපයට නගනු තමා නොදුටු බවයි.
එවකට මහෙම්ස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ ඉවෝන් ප්‍රනාන්දු තමන්ට කළ දැනුම්දීමකට මොරටුව පොලිසියට ලිපියක් යොමු කළා මිස මධ්‍යවේදිනියට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් නොකළ බව ද රෙජිස්ට්‍රාර්වරිය කියා සිටියාය.
මෙම නඩුවේ දී පැමිණිලි පාර්ශවය ලෙස පොලිස් කොස්තාපල 70877 සුසන්ත, පොලිස් සැරයන් 5664 රජිත්, පොලිස් සැරයන් 43590 ජයලත්, කාන්තා පොලිස් කොස්තාපල් 7970 සංජීවනී යන පිරිස පෙනී සිටිමින් අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.
මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ තමන් පෙනී සිටින්නේ මහජන සුබ සිද්ධිය වෙනුවෙන් බවයි. ඒ අනුව අධිකරණයේ දී සැකකරුවකු පැන යාම ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් වාර්තා කරන බව ද එය තම වගකීමක් බව ද ඇය කියා සිටියාය.
එවැනි කාර්යයක තමන් නිරතව සිටිය දී තමන්ට ටඑරෙහිව විධිමත් පැමිණිල්ලක් නොමැතිව, අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩයක් නොමැතිව අවම වශයෙන් තමන් ගත්තා යැයි පවසන අධිකරණයේ ඡායාරූපයක් හෝ නෙැමතිව මේ චෝදනා එල්ල කර ඇතැයි ද ඇය කීවා ය.
මෙම නඩුවේ දී විජය පුවත්පත් සමාගම වෙනුවෙන් නීතිඥ විශ්ව ගුණරත්න, නීතිඥ දර්ශිකා පෙරේරා පෙනී සිටියහ.