ලෝකය පුරා නොමිලයේ වීඩියෝ සහ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම් ඇති කරමින් 2003 වර්ෂයේ දී ප්‍රථම වරට ආරම්භ කරන ලද Skype සේවාව මැයි මාසයේ සිට අවසන් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
තමමත් එහි මිලියන ගණනක් පරිශීලකයන් සිටින අතර ඔවුන්ට Skype මුරපදය ම භාවිතා කරමින් Microsoft Teams Free වෙත සම්බන්ධ වීමට අවස්ථාව සළසා ඇතැයි ද මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කරයි.
ස්කයිප් සේවාව 2011 දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගන්නා ලදී.