spot_img
spot_imgspot_img

හෙද රැකියාවට ජපන් යන් හොඳ අවස්ථාවක්

පුවත්

විදෙස්

ජපානයේ හෙද රැකියා රැසක් ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘතව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. විශේෂ නිපුණතා සහිත ශ්‍රමිකයන් යැවීමේ වැඩසටහන (SSW) යටතේ මෙම අවස්ථා හිමිවෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-35 අතර තරුණ තරුණියන් ඒ සඳහා නිසි සුදුසුකම් සපුරා ඇත්නම් රැකියා අවස්ථා නොමිලයේ ම හිමිවෙයි.

අවම වැටුප රුපියල් ලක්ෂ 04ක් වන අතර වසර 05ක කාලයක් සඳහා රැකියා හිමිවෙයි.

ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ට ද හිමිවීම විශේෂත්වයකි.

JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ද මේ සඳහා අයදුම්කළ හැකිය. උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අයට පමණක් රැකියා අවස්ථා හිමිවෙයි. එමෙන් ම එමෙන්ම ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රැකියා අපේක්ෂිත ඉහත සුදුසුකම් සපුරන ලද තරුණ තරුණියන්ට කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk/si/ ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.

මේ අතර මෙම රැකියා වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා හිමි වූ පිරිසක් හෙට (02) ජපානය බලා පිටත්වයාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!