-0.8 C
New York

IMF හතරවැනි වාරිකයත් ලැබෙයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක කාලයකට එකඟ වී ඇති විස්තීරණ ණය පහසුකම් යටතේ තුන්වැනි සමාලෝචනය සම්පූර්ණ කර ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක මූල්‍ය පහසුකමක් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍ය සහාය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.34ක් පමණ වේ. 

වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසයි.

සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2024 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සපුරාගෙන ඇත. 2025 වසරේ ජනවාරි මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සම්පූර්ණ කර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත.

Related articles

Recent articles

spot_img