-5.9 C
New York

බෙදාහරින්නන්ගේ සංගමය ඉන්ධන ඇනවුම් නතර කිරීමේ තීරණයක

Published:

අද (පෙබරවාරි 28) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතු නතර කරන බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය පවසයි.

පවතින සංචිත බෙදා හැරීම දිගටම සිදුවන අතර, නව ඇණවුම් ලබා නොදෙන බව ඔවුහු පැවසූහ.

බෙදාහරින්නන්ට දැනට ලබා දෙන 3% වට්ටම අහෝසි කර නව ගෙවීම් සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) ගත් පියවරෙන් පසුව බෙදාහරින්නන්ගේ සංගමය මෙම තීරණය ගෙන තිබේ.

මෙම වෙනස 2022 මාර්තු මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුකූල වන බවත්, එමඟින් වත්මන් ගෙවීම් ක්‍රමය නීති විරෝධී බවත් CPC සභාපති DJ රාජකරුණා මහතා සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන්, බෙදාහරින්නන්ගේ සංගමය අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී තහවුරු කළේ තම ඛනිජ තෙල් ඇණවුම් අත්හිටුවන බවයි.

Related articles

Recent articles

spot_img