-5.9 C
New York

දේශබන්දු අත්අඩංගුවට ගන්න නියෝග

Published:

2023 වර්ෂයේදී වැලිගම සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ තවත් නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මෙම නියෝගය ලබාදී තිබේ.

මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්දයෙන් පැවැත්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඉදිරිපත්වූ සාක්ෂි සහ පශ්චාද් මරණ පරීක්ෂණ ව‍ාර්තාව අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.

මෙම සිද්ධියේදී උපුල් කුමාර නැමැති සැරයන්වරයෙකු මරණයට පත්වූ අතර වෙඩිතැබීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මරණකරු මියගොස් ඇති බව මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් තීන්දු කර ඇත.

වැලිගම පැලෑන ප්‍රදේශයේ පවත්වාගෙන යන සබරගමුව හිටපු ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ පුත්‍රයාට අයත් W15 හෝටලය අසල මෙම වෙඩි තැබීම සිදු වූ අතර, එහිදී දෙදෙනකුට වෙඩි වැදී තිබිණ.

Related articles

Recent articles

spot_img