-0.8 C
New York

“දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න” – මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Published:

2025 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචි කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

මැතිවරණ කාර්යය සඳහා  පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැළකීමට ඒ සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවන බව එම නිවේදනයේ දක්වා ඇති අතර එම අයදුම්පත් හෙට (28) සිට මාර්තු මස 28 වැනි දා සවස 3.00 දක්වා භාරගන්නා බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට පුද්ගලිකව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ භාරදීමෙන් හෝ අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීමෙන් හෝ ලියාපදිංචියට අයදුම් කළ හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කළ නිවේදනය පහත සඳහන් වේ.

2025 01 by poornima on Scribd

Related articles

Recent articles

spot_img