spot_img

අලුත් වසංගතයක් එයි ? දැනටමත් මරණ 53ක්

පුවත්

විදෙස්

සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 53කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

වවුලකුගේ මස් ආහාරයට ගත් දරුවන් තිදෙනකු පැය 48ක් තුළ මියයාමෙන් පසු තවත් අලුත්ම රෝගයක් මිනිසුන් අතර පැතිරයන බව හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සති කිහිපයක දී කොංගෝ රාජ්‍යයේ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මේ රෝගී තත්වය හේතුවෙන් මියගොස් ඇතැයි ද වාර්තා වේ.

උණ, වමනය සහ අභ්‍යන්තර රුධිර වහනයවීම් මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබේ.

ඉබෝලා, ඩෙංගු සහ කහ උණ ​​වැනි රෝග වලද  රක්තපාත උණ තත්ත්වය සාමාන්‍යයෙන් දැක ගත හැකි වුවත්,  මෙම අලුතෙන් සොයාගත්  රෝගී තත්ත්වය සහිත රෝගීන්ගෙන් ගත් සාම්පල සමග එම රෝග කාරක සාමානවීමක් නොමැතිබව පර්යේෂකයන් පවසයි.

මෙම වසංගත රෝගය කොංගෝ රාජ්‍යයේ පැතිරීම ජනවාරි 21 වන දින ආරම්භ වූ අතර මේ වන විට රෝගීන් 419 ක් වාර්තා වී ඇති අතර මරණ 53 ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වන සතුන් බහුලව ආහාරයට ගැනීම තුලින් සතුන්ගෙන් මිනිසුන්ට රෝග පැතිරීම ඉතා පහසුවෙන් සිදු වන බවත් පසුගිය දශකය තුළ අප්‍රිකාවේ එවැනි පැතිරීම 60% කට වඩා වැඩි අගයකින් වර්ධනය වී ඇත බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles