-0.8 C
New York

ඉන්දුනීසියා – ජපාන භූතැටි මායිමේ භූමිකම්පා මාලාවක්

Published:

ඉන්දුනීසියාවේ සිට ජපානය දක්වා ඉන්දු ඕස්ට්‍රේලියා සහ පැසිෆික් භූ තැටි මායිම් අතර භූමිකම්පා මාලාවක් සිදුවෙමින් පවතින බව භූ විද්‍යාඥයෝ කියති.

ඊයේ (25) රාත්‍රියේ සිට සුළු භූමිකම්පා මාලාවකින් ආරම්භ වූ මේ භූමිකම්පා මාලාවේ මේ දක්වා සිදු වූ විශාලතම භූමිකම්පාව අද (26) උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් 4.25ට රිච්ටර් මාපක 6.1ක් ලෙස දැක්විනි.

එය ඉන්දුනීසියාවේ මොඩිසි ආසන්න මුහුදේ පත්ලේ සිට කිලෝ මීටර 56ක් ගැඹුරින් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ වෙබ් අඩවියේ දක්වා ඇත.

ඉන් අනතුරුව උදෑසන 4.41ට ඒ ආසන්නයේ ම කිලෝ මීටර 42ක් ගැඹුරින් සිදුව ඇත. ඉන්පසු ජපානයේ මියාකෝ ආසන්න මුහුදේ රිච්ටර් මාපක 4.5ක භූමිකම්පාවක් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 73ක් ගැඹුරින් සිදුව තිබේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් නැවත උදෑෂන 8.40ට ඉන්දුනීසියාවේ මොඩිසි ආසන්නයේ යළි කම්පනයක් සිදුව ඇති අතර එය රිච්ටර් මාපක 4.6කි. එය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 45ක් ගැඹුරින් සිදවු ඇති බව වාර්තා වේ.

උදෑසන 11.23ට ජපානයේ ෂෙංගු ආසන්න මුහුදේ රිච්ටර් මාපක 5.8ක භුමිකම්පාවක් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 38ත් ගැඹුරින් සිසදුව ඇත.

රිච්ටර් මාපකයේ ඒකක 4.0 ඉක්මවූ මෙම භූමිකම්පාවලට අමතරව එම භූ තැටි මායිමේ මේ වනවිට සුළු භූමිකම්පා විශාල ප්‍රමාණයක් සිදුවෙමින් පවතින බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ වෙබ් අඩවියේ දැක්වේ.

ඉන්දුනීසියාවේ සිට ජපානය දෙසට මෙම භූමිකම්පා සිදුවන භූ තැටිය පිහිටා ඇති බැවින් ශ්‍රී ලංකාවට එහි සිදුවන භූමිකම්පාවකින් සුනාමි අවදානමක් නොමැත.

Related articles

Recent articles

spot_img