spot_img
spot_imgspot_img

අයවැය හිඟය පියවන්න, ණය ගන්නා බව රජය කියයි

පුවත්

විදෙස්

2025 අයවැය හිගය පියවීම, දේශීය හා විදේශීය ණය මුදල්වින් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර පවසයි.

පාර්ලිමේන්තුවේ දී අද (25) අදහස් දක්විමන් හෙතෙම මේ බව කියා සිටියේ ය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේක ජනතාවට විශ්වාස කරන්න පුළුවන් අයවැයක්. අපි 2025 වර්ෂ‍යේ දී රුපියල් බිලියන 4990ක ඇස්තමේන්තුගත ආදායමක් බලාපෙ‍ාරොත්තු වෙනවා. ඒ අතරින් බදු ආදායම රුපියල් බිලියන 4,590යි. බදු නොවන ආදායම් අපිට තියෙන්නේ රුපියල් බිලියන 370යි. ප්‍රදානයන් තියෙන්නේ රුපියල් බිලියන 30යි. ඇස්තමේන්තු වියදම රුපියල් බිලියන 8,835ක් වෙනවා. මේ ඉතිරි මුදල අපි පියවගන්න බලපොරොත්තු වෙන්නේ දේශීය සහ විදේශීය ණය මුදල්වලින්. නැතිනම් මේ මුදල කළමනාකරණය කරන්නේ කොහොමද කියලා විපක්ෂයේ ඉන්න කවුරුවත කලබල වෙන්න ඕන නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!